අපි ඒක හදමු
පියවර 1
බටර් සහ සීනි එකට දමා බීට් කරගන්න
පියවර 2
එම මිශ්‍රණයට බිත්තර එකින් එක දමා හොඳින් බීට් කරගන්න
පියවර 3
බේකින් පවුඩර් සහ පිටි එකට හලාගෙන මිශ්‍රණයට එකතු කරන්න
පියවර 4
දියකර ගත් කෝපි එකතු කරන්න (වතුර මේස හැඳි 2ක්)
පියවර 5
ඉන්පසු, මිල්ක්මේඩ් එකතු කර හොඳින් බීට් කරගන්න
පියවර 6
මිශ්‍රණය 180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 30-35ක් බේක් කරගන්න
කොෆී අයිසිං
1. විශාල බඳුනකට මාගරින් හෝ බටර් දමා හොඳින් මෘදුවන තෙක් විප් කරන්න
2. මිල්ක්මේඩ් සහ කොෆී ක්‍රමානුකූලව මිශ්‍රණයට එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න
3. අයිසිං ෂුගර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
අයිසිං යොදා කේක් එක සැන්විච් කර කැමති පරිදි සරසා ගන්න