අපි ඒක හදමු
පියවර 1
උඳුන 180°C උෂ්ණත්වයට රත් කර ගන්න. බටර් ගාගත් කේක් පෑන් එකට පිටි ඉස එය සූදානම් කරගන්න.
පියවර 2
කී්රම් ලෙස උකු වනතුරු බටර් හා MILKMAID හොඳින් බීට් කරගන්න. එයට මුදවපු කිරි ද එකතු කර තවත් හොඳින් ගසාගන්න.
පියවර 3
පිටි, බේකින් සෝඩා හා බේකින් පවුඩර් එකට දමා හොඳින් හලාගන්න. MILKMAID මිශ්රණයට පිටි දමාගන්න. එයට පොඩිකරගත් කෙසෙල් එකතු කර හොඳින් මිශ්ර කර එයට වැනිලා එසන්ස් ද එකතු කර තවත් හොඳින් මිශ්ර කරගන්න.
පියවර 4
සාදාගත් මිශ්රණය කේක් පෑන් එකට දමාගෙන පෙර සූදානම් කළ උදුනට දමා මිනිත්තු 25-30ක් පමණ බේක් කරන්න. පිරිසිදු ටූත් පික් එකක් කේක් එක ඇතුළට ගසා එය එළියට ගත් විට කිසිවක් එහි නොඇලෙන පරිදි හොඳින් බේක් වී තිබිය යුතුය.
පියවර 5
මිනිත්තු 5ක් පමණ නිවාගෙන එය පෙති කපා දීසියක දමා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.