අපි ඒක හදමු
පියවර 1
සිසිල් වතුර හා කෝන් පිටි සාස්පානක දමා හොඳින් දියකරන්න. එයට MAGGI පොල්කිරි, MILKMAID සහ ලුණු මිශ්‍රකර ගන්න.
පියවර 2
මද ගින්නේ උතුරන තෙක් හැඳිගාන්න. ගින්දර අඩුකර තවත් මිනිත්තුවක් පමණ පිසගන්න. ලිපෙන් ඉවත්කර අතුරුපස දීසියකට දමාගන්න. සම්පූර්ණයෙන් නිවාගෙන ආවරණය කර ශීතකරණයේ තබන්න.
පියවර 3
පිළිගැන්වීමට දීසිය පුරාවට සමානව අඹ කැබලි අතුරාගන්න. ටෝස්ට් පොල් සමානව අතුරාගන්න.
පෝෂණ කරුණු
අඹ බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A සපිරි පලතුරකි. උපදෙස් පොල් බැදීම සඳහා: මයික්‍රොවේව් උදුනට ඔරොත්තු දෙන දීසියකට පොල් දමා තුනී කරන්න. මයික්‍රොවේව් උදුන ‘High’ මට්ටමේ තබා විනාඩි 1 සිට 2ක් නැත හොත් පොල් ළා දුඹුරු පැහැ වන තෙක් බැද ගන්න. ගෑරුප්පුවක් භාවිත කරමින් සෑම ත්ත්පර 15කට ම වරක් එහා මෙහා පෙරළන්න.