අපි ඒක හදමු
පියවර 1
MILKMAID හා වතුර මිශ‍්‍ර කර හොඳින් හැඳි ගාන්න.
පියවර 2
බීට් කළ බිත්තරය එක් කර තාච්චිය ලිපේ තබා දිගට ම හැඳි ගාන්න.
පියවර 3
නටන විට ජෙලටින් එක් කරන්න. තාච්චිය ගින්නෙන් ඉවත් කර වැනිලා එක් කරන්න.
පියවර 4
මිශ‍්‍රණය කොටස් තුනකට බෙදන්න.
පියවර 5
අනුපිළිවෙළින් කොටස් තුනට කොකෝවා සහ රෝස හා නිල් කලරින් එක් කරන්න.
පියවර 6
රටකජු කැබලි කර බටර්/මාගරින් සමඟ මිශ‍්‍ර කර රෝස්ට් කරන්න.
පියවර 7
කොකෝවා මිශ‍්‍රණය මතට කජු ස්වල්පයක් ඉස මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 8
ඉන් පසුව රෝස මිශ‍්‍රණය වක් කර ඒ මතට රටකජු ඉස නැවතත් මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 9
ඊළඟට නිල් මිශ‍්‍රණය වක් කර ඒ ආකාරයෙන් ම කරන්න.
පියවර 10
මිදුණු පසු අච්චුවෙන් ඉවත් කර පුඩිම පිඟානක තබා ඒ මත අඹ/අන්නාසි පෙති තබා ගන්න.