අපි ඒක හදමු
පියවර 1
ඉඟුරු බිස්කට්, පොල් හා රටකජු බඳුනකට දමා එකට මිශ්‍ර කරගන්න. වෙනම බඳුනකට MILKMAID සහ රම් දමා මිශ්‍ර කරගන්න.
පියවර 2
බටර් ගාගත් පෑන් එකකට අන්නාසි දමා ගන්න. ඒ මතට MILKMAID මිශ්‍රණයෙන් අඩක් පමණ දමාගන්න.
පියවර 3
දැන් පදම සාදාගත් මිශ්‍රණය මතට බිස්කට් කොටස්, පොල් සහ රටකජු මිශ්‍රණය දමාගන්න. දැන් ඒ මතට ඉතුරු වූ MILKMAID මිශ්‍රණය දමාගන්න.
පියවර 4
රත් වී බුබුළු දමන තෙක් මිනිත්තු 20-30ක් පමණ බේක් කරගන්න. මිශ්‍රණයේ මතුපිට කොටස වැඩිපුර දුඹුරු පැහැ ගැන්වෙන අයුරක් පෙනෙයි නම්, බේක් කරන කාලයෙන් අඩක් පමණ ෆොයිල් කොළයකින් වසා ගන්න.
පෝෂණ කරුණු
අන්නාසි විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් හා පොටෑසියම් වැනි වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.