අපි ඒක හදමු
පියවර 1
භාජනයකට මිල්ක්මේඩ් සහ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
එයට බිත්තරයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
පිටිවලට බේකින් පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
එම පිටි මිශ්‍රණය භාජනයට දමා හොඳින් අනා ගන්න.
පියවර 5
එය විනාඩි 30 ක් පසෙකින් තබන්න.
පියවර 6
ඩෝ එක තුනී කර හාර්ට් හැඩවලට කපන්න.
පියවර 7
180°C න් විනාඩි 10 ක් කුකීස් බේක් කරන්න.
පියවර 8
කැමති විදිහට අලංකාර කරන්න.
අවශ්‍ය නම් අලංකරණය සදහා පහත පරිදි ෂුගර් අයිසිං සකසා ගත හැකිය.
පියවර 1
ගැඹුරු භාජනයකට අයිසිං ෂුගර් සහ කෝන් පිටි එකතු කරන්න. උණුවතුර ටික ටික එකතු කරන ගමන් උකු වනතුරු මිශ්‍ර කරන්න.
පියවර 2
භාජන දෙකකට දමා රතු සහ රෝස වර්ණක වෙන වෙනම මිශ්‍ර කරන්න.
පියවර 3
මිල්ක්මේඩ් කුකීස්, අයිසිං ෂුගර් වලින් සරසා ගන්න.