අපි ඒක හදමු
පියවර 1
මිල්ක්මේඩ් සම්පූර්ණ ටින් 1 ජල බඳුනක තබා පැය 3ක් තම්බාගන්න
පියවර 1
ජෙලටින් උණු ජලයේ මිශ්‍ර කර පසෙකින් තබා ගන්න
පියවර 2
තම්බාගත් මිල්ක්මේඩ් ටින් එක විවෘත කර එය දුඹුරු පැහැ තද පදමකට පැමිණ ඇත්දැයි බලන්න. එයින් අඩක් ගෙන මිනිත්තු 2-3ක් පමණ බ්ලෙන්ඩර් කරගන්න
පියවර 3
මිල්ක්මේඩ් සහ කුකින් ක්‍රීම් එකට දමා විස්ක් කරන්න
පියවර 4
බිත්තර කහමද බීට් කරගෙන එයට මිල්ක්මේඩ් මිශ්‍රණය සෙමින් එකතු කරන්න
පියවර 5
මිශ්‍රණය සිසිල් වන තෙක් මද වේලාවක් තබා කැරමල් සෝස් එකතු කර හොඳින් විස්ක් කරන්න. මිනිත්තු 20ක් ශීතකරණයේ තබන්න
පියවර 6
මිශ්‍රණය ශීතකරණයෙන් ගෙන විස්ක් කර නැවතත් ශීතකරණයේ තබන්න. මෙම පියවර 3-4 වරක් කරන්න
පියවර 7
අයිස් ක්‍රීම් ස්කූප් කර කජු යොදා සරසාගන්න