අපි ඒක හදමු
පියවර 1
පිටි සහ බටර් බඳුනකට දමා හෑන්ඩ් මික්ෂරයෙන් බීට් කරගන්න.
පියවර 2
බේකින් පවුඩර්, ලුණු සහ බිත්තර එයට එකතු කර නැවතත් බීට් කරන්න.
පියවර 3
මිල්ක්මේඩ් මඳින් මඳ එක් කරමින් පිටි මෝලියේ පදමට එන තෙක් මිශ්‍ර කරන්න.
පියවර 4
මිනිත්තු 30ක් ශීතකරණයේ තබා, ලී තැටියක් මත තබා කුකී හැඩයට කපාගන්න.
පියවර 5
180˚C උෂ්ණත්වයෙන් මිනිත්තු 15ක් බේක් කරගන්න.
1
අයිසින් ෂුගර් ගැඹුරු බඳුනකට දමා එයට ඉරිඟු පිටි එක් කරන්න. උණු ජලය මඳින් මඳ එක් කරමින් ඝනකම් පදමකට එන තෙක් මිශ්‍ර කරන්න
2
රෝස සහ නිල් කලරින් බඳුන් දෙකක වෙන වෙනම මිශ්‍ර කරගන්න
3
මිල්ක්මේඩ් කුකීස් අයිසින් ෂුගර්වලින් සරසා ගන්න