අපි ඒක හදමු
පාන් මිශ‍්‍රණය
සියලු ද්‍රව්‍ය එකට එක් කර තලපයක් සාදා ගන්න.
තෙත රෙදි කඩකින් වසා පසෙක තබන්න.
පියවර 1
පසෙක තැබූ පාන් මිශ‍්‍රණයට සියලූ ද්‍රව්‍ය එක් කරන්න. හොඳට ම මෙළෙක් වන තෙක් හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 2
හොඳින් තෙල් ආලේප කළ පාන් අච්චුවකට මිශ‍්‍රණය වක්කරන්න (අච්චුවේ බටර් ආලේප කිරීමෙන් පසු පිටි ස්වල්පයක් ඉසින්න). මිනිත්තු 30ක් පමණ පසෙක තබන්න.
පියවර 3
රන්වන් දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 30ක් පමණ 180°C උෂ්ණත්වයේ බේක් කරන්න.