අපි ඒක හදමු
පියවර 1
උණුකර ගත් MILKMAID වලට පොල්කිරි එකතු කර නටන තුරු කලවම් කරන්න. ලිපෙන් බාගෙන එයට හාල් පිටි, පාන් පිටි, ලුණු සහ බිත්තරය එකතු කර, තද මෝලියක් සෑදෙන තුරු හොඳින් මිශ්රකර ගන්න.
පියවර 2
අඟල් ¼ක ඝනකමට රෝල් කර විවිධ හැඩයන්ට කපා රන්වන් පැහැය ලැබෙන තුරු අඩු උෂ්ණත්වයක ගැඹුරු තෙලේ බැදින්න.
පියවර 3
සීනි සිරප් එක සාදා ගැනීමට : සීනි සහ වතුර හැන්දකින් තනි නූලක් ආකාරයට වැටෙන තුරු රත්කර, බැදගත් මුරුක්කු ටික සාදාගත් සීනි පැණියෙහි දමා කලවම් කරන්න.
පෝෂණ කරුණු
සුදු පිටිවල කෙඳි අඩු ය. සුදු පිටි පමණ ඉක්මවා අනුභව කිරීම නිසා බර වැඩි විය හැකි ය. අනුභව කරන ප්රමාණය ගැන සැලකිලිමත් වන්න.