අපි ඒක හදමු
පියවර 1
මිල්ක්මේඩ් සහ ජලය බඳුනකට දමා හොඳින් උණු කරගන්න
පියවර 2
ජෙලටින් මේසහැඳි 3කට උණු ජලය මේසහැඳි 1ක් දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
මිල්ක්මේඩ් මිශ්‍රණය ලිපේ තිබියදීම ජෙලටින් මිශ්‍රණය එකතු කරන්න
පියවර 4
උණු වූ පසු ලිපෙන් බාගෙන අච්චුවට වත් කරගන්න
පියවර 5
සිසිල් වෙන්නට හැර මිශ්‍රණය සවිවන තෙක් ශීතකරණයේ තබන්න
පියවර 6
කපාගත් අන්නාසි සමඟ සීනි සහ ලුණු මිශ්‍ර කර මද ගින්නේ පිසගනිමින් ස්ටුවක් සකසා ගන්න
පියවර 7
එය සකසා ගත් පසු ලිපෙන් බාගෙන සිසිල් වෙන්නට හරින්න
පියවර 8
අන්නාසි ස්ටූ එක පුඩිමේ උඩින් යොදා ශීතකරණයේ තබන්න