අපි ඒක හදමු
පියවර 1
උණු වතුර 60 ml ගෙන ජෙලටින් එහි දිය කරන්න, MILKMAID, කිරිපිටි, ඉතිරි වූ වතුර, වැනිලා එසන්ස් සහ දියකරගත් ජෙලටින් ලොකු බඳුනක දමා මිශ්‍රකරන්න. හොඳින් උකුවන තෙක් කලවම් කරන්න. මිදීමට ආසන්න වනතෙක් ශීතකරන්න.
පියවර 2
දැන් ශීතකරණයෙන් එළියට ගත් මිශ්‍රණය උකුවනතෙක් ගසා ගන්න. දෙකට බෙදන්න. එක් කොටසකට විප්ඩ් ක්‍රීම් සහ බෙරි එක්කරන්න පුඩිං තසිමකට වත්කරන්න. මිදීමට ආසන්නවන තෙක් සිසිල් කරන්න.
පියවර 3
මිශ්‍රණයේ ඉතිරි කොටස් කජු සහ කපාගත් චොක්ලට් එකතුකරන්න. ඒ මත බෙරි මිශ්‍රණය වත්කරන්න. සෙට්වන තෙක් ශීතකරන්න කැමති නම් අමතර බෙරි සහ චොක්ලට් කෑලි එක්කොට පිළිගන්වන්න.
පෝෂණ කරුණු
කජු ඇට ශරීරයේ මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප්‍රති ඔක්සිකාරක සපිරි ආහාරයකි.