අපි ඒක හදමු
පියවර 1
භාජනයකට මාගරින්, සීනි, බිත්තර සහ වැනිලා එසන්ස් එකතු කර මෘදු ගතිය වන තෙක් බීට් කරන්න.
පියවර 2
තවත් භාජනයකට පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ කෝන් පිටි එකතු කර එම මිශ්‍රණය බැටර් එකට හලාගන්න.
පියවර 3
ඉන්පසු මිල්ක්මේඩ්, ලෙමන් යුෂ සහ රතු කලරින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
කේක් බැටර් එක සූදානම් කරගත් ට්‍රේ එකකට වත් කරන්න. එය 180°c විනාඩි 15 ක් බේක් කරන්න, බේක් වූ පසු විනාඩි 10 ක් සිසිල් කරගන්න.
පියවර 5
අයිසිං කිරීම සඳහා භාජනයක් ගෙන එයට බටර් එකතු කර හොඳින් බීට් කරන්න. එයට අයිසිං ෂුගර් ටිකෙන් ටික එකතු කරන්න. වැනිලා එසන්ස්, මිල්ක්මේඩ් සහ ලෙමන් යුෂ එකතු කර මෘදු ගතිය වන තෙක් බීට් කරන්න.
පියවර 6
ඔබට කැමති ආකාරයට ලස්සන කරගන්න.