අපි ඒක හදමු
පියවර 1
මිල්ක්මේඩ් 200ml ක් භාජනයකට වත් කරන්න.
පියවර 2
එම බඳුනට බටර් 400g ක් සහ සීනි 200g ක් එකතු කර මිශ්‍ර කරන්න.
පියවර 3
බිත්තර 8 ක් එකින් එක එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 4
එයට වැනිලා එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 5
පිටි 400g ට බේකින් පවුඩර් තේ හැඳි 1ක් දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 6
පිටි මිශ්‍රණය බැටර් එකට එකතු කරන්න.
පියවර 7
මිශ්‍ර වන තුරු බැටර් එක අනාගන්න.
පියවර 8
බැටර් එක දෙකට බෙදන්න.
පියවර 9
එක් කොටසකට රතු කලරින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 10
රතු කේක් බැටර් එක බේකින් ට්‍රේ එකට වත් කරන්න.
පියවර 11
එය 180°C යෙන් විනාඩි 15ක් බේක් කරන්න.
පියවර 12
බේක් කළ පසු හාර්ට් හැඩවලට කපන්න.
පියවර 13
ඉතිරි බැටරය ගෙන, බේකින් ට්‍රේ එකට ස්වල්පයක් එකතු කර කපාගත් හාර්ට් හැඩයන් ඒ මත තබන්න.
පියවර 14
තවත් ඉතිරි බැටර් එකතු කර 180°C යෙන් විනාඩි 25 ක් බේක් කරන්න.