අපි ඒක හදමු
පියවර 1
භාජනයකට මිල්ක්මේඩ්, බටර් සහ සීනි එකතු කර හොඳින් බීට් කර ගන්න.
පියවර 2
මිශ්‍රණයට බිත්තර එකතු කර, වැනිලා එසන්ස් දමා හොඳින් බීට් කරන්න. අනතුරුව හලා ගත් පිටි සහ බේකින් පවුඩර් එකතු කරන්න.
පියවර 3
කේක් මිශ්‍රණය රවුම් තැටි 3කට වත්කර සෙල්සියස් 180° උෂ්ණත්වයේ විනාඩි 25ක් පමණ බේක් කර ගන්න.
පියවර 1
බටර් සහ මිල්ක්මේඩ් හොඳින් බීට් කරමින් ක්‍රමයෙන් අයිසින් සීනි එකතු කරන්න. මෘදු ක්‍රීම් ගතියක් ලැබුණු පසු, කොළ පැහැති කලරින් එකතු කර මිශ්‍ර කරන්න.
පියවර 2
තැටියක් මත කේක් එක තබා අයිසින් ක්‍රීම් ගා, නත්තල් ගසක හැඩය ලැබෙන ලෙස තට්ටු අතර ක්‍රීම් තවරමින් සකසන්න. නත්තලට ගැළපෙන සැරසිලි යොදා අලංකාර කරන්න.