අපි ඒක හදමු
පියවර 1
රයිස් කුකර් පෑන්හි තෙල් ආලේප කර එහි දාර පාච්මන්ට් කඩදාසිවලින් ඔතන්න. අන්නාසි පෙති සහ චෙරි පතුලට දමන්න.
පියවර 2
සීනි සහ බටර් උණු කොට දුඹුරු පැහැ වන තුරු පෑන් එකක රත් කරන්න. මෙම උණුසුම් කැරමල්අන්නාසි පෙතිවලට වත්කර පසෙකින් තබන්න.
පියවර 3
බටර්/මාගරින් ක්‍රීම් වන තෙක් බීට් කරන්න (කාමර උෂ්ණත්වයේ )
පියවර 4
බටර් මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කර, අතින් ක්‍රියාත්මක කරන බීටරයක් භාවිත කරමින් සෙමින් පටන්ගෙන මධ්‍යම වේගයක් දක්වා මිශ්‍රණය බීට් කරන්න. මිශ්‍රණය කැට රහිත ක්‍රීම් ගතියක් වන තුරු බීට් කළ ය ුතුයි.
පියවර 5
වැනිලා තේ හැදි 1ක් එකතු කර තප්පර 30 සිට විනාඩියක් දක්වා තවදුරටත් බීට් කරන්න.
පියවර 6
පිටි, අයිසිං සිනි, ඉරිගු පිටි. බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකට එකතු කරන්න.
පියවර 7
ඉහත වියලි මිශ්‍රණය කුඩා කොටස් වශයෙන් ගෙන වතුර ස්වල්පයක් සමග මිල්ක්මෙඩ් මිශ්‍රණයට එකතුකර එකතු කිරීමට ප්‍රමාණවත් පරිදි මිශ්‍ර කරන්න.මිශ්‍රණයේ අවසාන තත්වය බටර් කේක් හෝ පවුන්ඩ් කේක් තත්වයේ තිබිය යුතුයි .
පියවර 8
රයිස් කුකර් පෑන්හි ඇත ි අන්නාසි පෙති මත එම මිශ්‍රණය වත් කර රයිස් කුකර් එක පැය 1 සිට 1.5ක් දක ්වා කේක් එක සැකසෙන තුරු රත් කරන්න.
පියවර 9
රයිස් කුකර් එකෙන් ඉවත් කර පිහියකින් කේක් එක දෙපස බුරුල් කර වහාම පිගානකට හරවා දමන්න.