අපි ඒක හදමු
පියවර 1
බඳුනක් ගෙන එයට පිටි හා බේකින් පවුඩර් එකට හලාගන්න. වියළි පලතුරු , සීනි, හලාගත් පිටි මේස හැඳි 2ක් තවත් බඳුනකට දමා මිශ්‍ර කරන්න. ඉන්පසු ඉතිරි හලාගත් පිටි සහ මාගරින් එයට එක්කර කැබලි මිශ්‍රණයක් වනතුරු මිශ්‍ර කරගන්න.
පියවර 2
ඉහත මිශ්‍රණයට මික්ස්ඩ් පීල්, ගසාගත් බිත්තර කහ මද, දොඩම්/ලෙමන් ලෙලි, දොඩම් යුෂ හා දෙහි යුෂ එක් කරන්න. පසුව ක්‍රමයෙන් මිශ්‍රණයට MILKMAID හා කිරි මිශ්‍ර කරන්න. බිත්තර සුදු මද වෙනම බඳුනක ගසාගෙන එයද මිශ්‍රණයට ක්‍රමයෙන් එකතු කරන්න. කප් කේක් බඳුනකට මිශ්‍රණයෙන් 3/4ක් පමණ වත් කරන්න.
පියවර 3
මිශ‍්‍රණය උඩට කජු කැබැල්ලක් තබා 180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 20-25ක් පමණ බේක් කරන්න.