අපි ඒක හදමු
පියවර 1
බ්ලූබෙරි, සීනි සහ ලෙමන් යුෂ, මද රස්නයෙන් උතුරවා බ්ලූබෙරි පිපිරී යන තුරු පිසින්න. රස්නය අඩු කොට, මිශ්‍රණය උකු වනතුරු හැඳිගාන්න. එය බඳුනකට දමා ශිතකරන්න.
පියවර 2
කී්රම් චීස් මෘදු වනතුරු ගසාගන්න. එයට MILKMAID, වැනිලා එසන්ස්, ලෙමන් ලෙලි සහ ලුණු මිශ්‍ර කරන්න. විප්ඩ් ක්‍රීම් එක් කරන්න.
පියවර 3
බ්ලුබෙරි මිශ්‍රණයෙන් ½ක්, අඟල් 9×5 ප්‍රමාණයේ තැටියක අතුරන්න. ක්‍රීම් මිශ්‍රණයෙන් භාගයක් ඊට උඩින් අතුරා මිශ්‍රණ දෙක පිහි තුඩක ආධාරයෙන් සෙමෙන් කලවම් කරන්න. මෙම ක්‍රමයටම තව තට්ටු ද අතුරා ඉතිරි බ්ලුබෙරි මිශ්‍රණය උඩින් අතුරන්න. තැටිය වසා පැය 6ක් හෝ හොඳින් සවිවන තුරු අධිශීතකරණයේ තබා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
බ්ලූබෙරි යනු පොටෑසියම් වැනි ඛනිජ වර්ග සහ විටමින් C වැනි විටමින් වර්ග සපිරි පලතුරකි. කෙඳි බහුල ආහාරයක් ද වේ. කොලෙස්ටරෝල් අඩු නිසා මනා හෘද සෞඛ්‍යයට ද උපකාර වේ.