අපි ඒක හදමු
පියවර 1
තැටියක බටර් තවරා ඒ මතින් පිටි ස්වල්පයක් ද අතුරාගන්න. අවන් එක 160⁰ C උෂ්ණත්වයකට රත් කරන්න
පියවර 1
සීනි මේසහැඳි 3ක් පෑන් එකට දමා රත්කර දුඹුරු වර්ණයට හැරෙන තෙක් හොඳින් උණු කරගන්න.
පියවර 2
උණුසුම් ජලය කෝප්ප ½ එකතු කර උණුකර ගන්න
පියවර 3
ලිපෙන් බාගෙන සිසිල් කරගන්න
පියවර 4
සෝඩා සහ පිටි එකට හලාගන්න
පියවර 5
මිල්ක්මේඩ්, බටර්, කැරමල් සිරප්, ඉඟුරු සහ මද වශයෙන් බීට් කරගත් බිත්තර එකට දමා මිශ්ර කරගන්න
පියවර 6
හලාගත් පිටි මිශ්රණය ඊට එකතු කර මද වශයෙන් බීට් කරමින් හොඳින් මිශ්ර කරගන්න
පියවර 7
බටර් තවරාගත් බඳුනට මිශ්රණය වත්කර කලින් රත්කර ගත් අවන් එකේ දමා මිනිත්තු 45-50ක් පමණ බේක් කරගන්න
පියවර 8
බේක් කරගත් පාන් බඳුනෙන් ඉවත් කර මිනිත්තු 5ක් රාක්කයක තබා සිසිල් කරගන්න
පියවර 9
කෑලිවලට කපා උණු උණුවේම බටර් සමඟ පිළිගන්වන්න