අපි ඒක හදමු
පියවර 1
පිසීමට පෙර 175 ° C උෂ්ණත්වයකට උදුන සකස් කරන්න. බඳුනකට ක්‍රැකර් බිස්කට්, බටර්, සීනි හා ලුණු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. බේකින් තැටියේ පතුලට මිශ්‍රණය තදකර, මිනිත්තු 15ක් රන්වන් පැහැ වනතෙක් බේක් කර ගෙන සිසිල් වන්නට හරින්න.
පියවර 2
වෙනත් බඳුනක් ගෙන එහි අලිගැටපේර දමා හොඳින් මිශ්‍රකර එයට ක්‍රීම් චීස් එක්කර සිනිඳු පදමක් වනතුරු බීට් කරන්න.
පියවර 3
එයට MILKMAID, ලෙමන් යුෂ සහ ලුණු එකතුකර ගෙන පිපෙන තුරු හොඳින් මිශ්‍ර කරන්න. එයට ජෙලටින් ද එකතු කරමින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය සාදාගත් ක්‍රස්ට් එක මතට වත්කර පැය හතරක් පමණ ආවරණය කර ශීතකරණයේ තබන්න.
පියවර 4
අවශ්‍ය නම් මතුපිට විප්ඩ් ක්‍රීම් වලින් හැඩ ගන්වා ඉක්මනින් පිළිගන්වන්න.