අපි ඒක හදමු
පියවර 1
තැටියකට ෆොයිල් කොලයක් අතුරා ගන්න. ලොකු බඳුනකට බිස්කට් දමන්න.
පියවර 2
චොක්ලට් හා MILKMAID ලොකු සාස්පානකට දමා දියවනතුරු මද ගින්නේ රත්කර ගන්න. හොඳින් හැඳිගාන්න. බිස්කට් මතට වත්කරන්න.
පියවර 3
සකසාගත් තැටියක මිශ්‍රණය දමා ඒ මතට වියළි පලතුරු අතුරාගන්න. හැන්දක් ආධාරයෙන් මදක් පහළට තදකරන්න.
පියවර 4
ඝන වීමට පැය 1-2ක් ශීතකරණයේ තබන්න. අනතුරුව කැබලි වලට කඩාගන්න.