අපි ඒක හදමු
පියවර 1
සකස් කරගත් ආමන්ඩ් පවුඩර් අයිසින් සීනි සමඟ මිශ්‍ර කරගන්න. ඉන්පසු රෝස් වතුර සහ MILKMAID මිශ්‍රණයට ටිකෙන් ටික දමමින් ක්‍රමයෙන් ආමන්ඩ් පේස්ට් එකක් වනතුරු මිශ්‍ර කරගන්න. (මිශ්‍ර කිරීමේදී ඩෝ එකේ තෙල් ගතිය වැඩි නොවීමට වග බලා ගන්න.)
පියවර 2
සෑම රටඉඳි ගෙඩියක්ම පලා ඇට ඉවත් කර එහි ඇතුලට ආමන්ඩ් හෝ කජු පුරවන්න.
පියවර 3
සාදාගත් ආමන්ඩ් පේස්ට් එකෙන් ටිකක් ගෙන කුඩාවට රෝල් කර එයද රටඉඳි ගෙඩි ඇතුලට පුරවා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
ආමන්ඞ් ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීමට උදව් වන විටමින් E සහ ප‍්‍රතිඔක්සිකාරක සපිරි විශිෂ්ට ආහාරයකි.