අපි ඒක හදමු
පියවර 1
විශාල ප්‍රමාණයේ බඳුනකට සීනි සහ යීස්ට් දමා එයට උණු කිරි ද එකතු කර ප්‍රතික්‍රියාවන් සිදුවීම සඳහා පසෙකින් තබන්න
පියවර 2
පිටි, බටර් සහ ලුණු බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
පිටි මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කරන්න. ඉන්පසු එයට යීස්ට් මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරමින් අනන්න. මෝලිය ඇලෙන සුලු තෙත සහිත එකක් විය යුතුය
පියවර 4
බටර් තවරාගත් බඳුනකට මෝලිය දමා උණුසුම් තැනක පැයක් පමණ පිපෙන්නට තබන්න
පියවර 5
හොඳින් පිපුණු පසු මෝලිය සමාන කැබලිවලට කපා බෝල ආකාරයෙන් සකසාගෙන නැවතත් මිනිත්තු 45ක් පමණ පිපෙන්නට තබන්න
පියවර 6
බනිස් මතුපිට කිරි ස්වල්පයක් තවරාගන්න. ඉන්පසු, 180 උෂ්ණත්වයෙන් මිනිත්තු 20-30ක් බේක් කරගන්න
පියවර 7
ග්ලේස් එක සකසා ගැනීම සඳහා මිල්ක්මේඩ්, අයිසින් ෂුගර් සහ ලුණු මේසහැඳි 1ක් එකට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 8
බනිස් හොඳින් බේක් වූ පසු සිසිල් කරගෙන මිල්ක්මේඩ් ග්ලේස් යොදා සරසාගෙන පිළිගන්වන්න