අපි ඒක හදමු
පියවර 1
MILKMAID, මයිලෝ පවුඩර්, බිත්තර කහ මද, සීනි තේ හැඳි 2 ක්, වතුර 300ml ක් පෑන් එකකට එකතු කරන්න.
පියවර 2
එය ඝන වනතුරු මද තාපයේ පිසින්න. වැනිලා තේ හැදි 1 ක් එකතු කරන්න.
පියවර 3
මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 4
භාජනයකට සීනි තේ හැඳි 1 ක් සමග බිත්තර සුදු මද එකතු කර එය හොඳින් බීට් කරන්න. ඉන්පසු ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
පියවර 5
භාජනයකට වත් කරන්න. සෙට් වනතුරු පැය 2 සිට 3 දක්වා ශීතකරණයේ තබන්න.
පියවර 6
එය ශීතකරණයෙන් ඉවතට ගෙන අයිස් ගතිය ඉවත් කිරීමට බීට් කරන්න. එය නැවත පැය 3ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.