අපි ඒක හදමු
පියවර 1
වියළි පලතුරු සියල්ල කපා, රුලන් පිටි සහ පිටි සමඟ මිශ්‍ර කර පසෙකින් තබන්න.
පියවර 2
බටර් දියකර, එයට මිල්ක්මේඩ් සහ බිත්තර දමා මිශ්‍ර කරන්න. ඉන්පසු වැනිලා සහ රෝස එසන්ස් එකතු කර හොඳින් කලවම් කර වියළි පලතුරු ටික එකතු කරන්න.
පියවර 3
ගැඹුරු බෝල් එකක ඇතුළත තෙල් ආලේප කර, පුඩින් මිශ්‍රණය එයට දමා ඇලුමිනියම් ෆොයිල් පේපර් එකකින් වසා පැය 4ක් ස්ටීම් කර ගන්න. නිවුණු පසු අනෙක් පැත්ත හරවා ටොපින් එක ලෙස උඩින් ක්‍රීම් එක දමන්න.