අපි ඒක හදමු
පියවර 1
පෑන් එකකට ගිතෙල් තේ හැදි 3 ක් එකතු කර උණුසුම් වනතුරු කලවම් කරන්න.
පියවර 2
එයට වර්මසීලී 100g ක් එකතු කර බැද ගන්න.
පියවර 3
බැදගත් වර්මසීලී පිඟානකට දමා පසෙකින් තබන්න.
පියවර 4
පෑන් එකට, මිල්ක්මේඩ් (කුඩා ටින්) සහ වතුර 300ml එකතු කරන්න.
පියවර 5
එය නටන තුරු කලවම් කරන්න.
පියවර 6
කස්ටඩ් පවුඩර් 50g ක් සහ බැදගත් වර්මසීලී එකතු කරන්න.
පියවර 7
කස්ටඩ් සෑදෙන තුරු කලවම් කරන්න.
පියවර 8
භාජනවලට කස්ටඩ් වත් කර විනාඩි 20 ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.
පියවර 9
පළතුරු සහ ආමන්ඩ් වලින් සරසා ගන්න