අපි ඒක හදමු
පියවර 1
භාජනයකට බටර් සහ මිල්ක්මේඩ් දමා හොඳින් බීට් කර ගන්න. පසුව ඉඟුරු, සීනි සහ බිත්තරය දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
පිටි වලට බේකින් පවුඩර්, ලුණු සහ කොකෝවා පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව එය බටර් මිශ්‍රණයට එකතු කර මෘදු ඩෝ එකක් සාදා ගන්න. විනාඩි 25ක් සාමාන්‍ය උෂ්ණත්වයේ පිටත තබා පසුව ශීතකරණයට දමන්න.
පියවර 3
අනාගත් මිශ්‍රණය තුනී කර, කටර් එකක් භාවිතයෙන් කුකීස් කපා ගන්න. පසුව බේකින් ට්‍රේ එකක දමා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ මිනිත්තු 12ක් පුලුස්සා ගන්න
පියවර 1
බටර් සහ අයිසින් සීනි භාජනයකට දමා හොඳින් බීට් කරගන්න. ඉන්පසු බිත්තර සුදු මද සහ මිල්ක්මේඩ් එකතු කර මෘදු ක්‍රීම් මිශ්‍රණයක් සාදා ගන්න. පසුව පයිපින් බෑග් එකකට මිශ්‍රණය දමා ජින්ජර්බ්‍රෙඩ් මිනිසාගේ මුහුණ ඇඳ වියළීමට හරින්න.