අපි ඒක හදමු
පියවර 1
බිත්තර කහමදවලට සීනි ග‍්‍රෑම් 100 ක් එක් කර බීට් කරන්න. ඉතිරි සීනි ග‍්‍රෑම් 300 බිත්තර සුදු මදවලට එක් කර බිත්තර සුදු මද මෙරැන්ග් එකක් මෙන් පිපෙන තෙක් බීට් කරන්න.
පියවර 2
බිත්තර සුදු මද මිශ‍්‍රණය පිටිවල ඔතන්න.
පියවර 3
සුල්තානා, වියළි මිදි හා කැබලි කර ගත් කජු එක් කර 160⁰ C උෂ්ණත්වයේ බේක් කරන්න.
පියවර 4
ස්පොන්ජ් එක කොටු හැඩයේ කුට්ටිවලට කපන්න. එම කුට්ටි අඟල් 8×6 ප‍්‍රමාණයේ දීසියක පේළියට තබා පේළි අතරට සුල්තානා ඉසින්න.
පියවර 1
MILKMAID, කිරි, බිත්තර හා සාදික්කා එකට මිශ‍්‍ර කර සෙමින් බීට් කරන්න.
පියවර 2
ස්පන්ජි කුට්ටි මතට කස්ටඩ් වක්කර මඳ රස්නය ඇති උදුනක තබා 160⁰ C උෂ්ණත්වය යටතේ මතුපිට රන්වන් දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 30-40ක් බේක් කරන්න.
පියවර 3
උණුවෙන් ම සංග‍්‍රහ කරන්න / කැමති නම් සිසිල් කර ගන්න.