අපි ඒක හදමු
පියවර 1
භාජනයකට දමා බටර් හොදින් බීට් කර ගන්න. ඊට කිරි පිටි එක් කර හොදින් මිශ‍්‍ර කර ගන්න.
පියවර 2
බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ පිටි එකට එක් කරන්න. කැරට් සහ කජු වලට පිටි ස්වල්පයක් ඉස සෙමෙන් කවලම් කරන්න.
පියවර 3
පසුව මිශ‍්‍රණයට ජලය සහ කිරිපිටි එකතු කරන්න. ඉන්පසු කජු, කැරට් සහ වැනිලා එක්කර හොදින් මිශ‍්‍ර කරන්න.
පියවර 4
මිශ‍්‍රණය හොදින් සකසාගත් බේකින් තැටියකට වත්කර විනාඩි 30ක් 35ක් පමණ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයකට බේක් කර ගන්න.
පියවර 5
බටර් සහ අයිසිං සුගර් බීට් කර ගන්න. පසුව ඊට ක‍්‍රීම් චීස් එකතු කර ක‍්‍රීම් බවට පත්වන තුරු බීට් කරන්න. අවසානයේදී දෙහි යුෂ එකතු කර හොදින් මිශ‍්‍ර කරන්න.
පියවර 6
කේක් ස්ථර දෙකකට කපන්න. ක‍්‍රීම් චීස් සමග සැන්විච් ලෙස සකසා ඔබ කැමති අයුරින් සකසා ගන්න.