අපි ඒක හදමු
පිටි මිශ්‍රණය සාදාගන්නා ආකාරය
පියවර 1
බටර්, අයිසිං ෂුගර් සහ බිත්තර බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 2
එයට පිටි සහ වැනිලා එකතු කරන්න. පිටි මෝලිය බේකිං පේපර් එකකින් ආවරණය කර මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න
මින්ස්ඩ් මීට් මිශ්‍රණය සාදාගන්නා ආකාරය
පියවර 1
වියළි මිදි, කොළ ඇපල්, කරන්ට්ස්, දෙහි යුෂ, උණු කරගත් බටර්, ලුණු ස්වල්පයක්, සාදික්කා කුඩු, කුරුදු කුඩු, කරාබුනැටි කුඩු, මිල්ක්මේඩ්, රම් සහ බ්‍රැන්ඩි අනුපිළිවෙළින් එකතු කරමින් මීශ්‍ර කරන්න
පියවර 2
මිශ්‍රණය අවම වශයෙන් පැය ½ සිට සති දෙකක් දක්වා කාලයක් ශීතකරණයේ ගබඩාකර තබන්න
පයි එක සකස් කරගන්නා ආකාරය
පියවර 1
පිටි මෝලිය පිටි තැවරූ මතුපිටක අතුරා රවුම් සහ තරු හැඩයට කපා ගන්න
පියවර 2
ටාට් බේස් එකට මිශ්‍රණය පුරවා, කපාගත් තරු හැඩ ඒ මතින් තබාගන්න
පියවර 3
බීට් කරගත් බිත්තර (එග් වොෂ්) සමඟ සීනි ඒ මතට යෙදා රන්වන් දුඹුරු පැහැයට හැරෙන තෙක් 180℃ උෂ්ණත්වයෙන් මිනිත්තු 15-20ක් පමණ බේක් කරගන්න
පියවර 4
මදක් නිවෙන්නට තබා අයිසිං ෂුගර් තවරාගෙන පිළිගන්වන්න