Buy Now

සීසනල් යූල් ලොග්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

40 Minutes

සිසිල් කිරීම

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බිත්තර 5
  • සීනි 300g
  • පිටි 300g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 2 ක්
  • බටර් 200g
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • මිල්ක්මේඩ් 510g
  • අයිසින් ක්‍රීම් සඳහා
  • බටර් 200g
  • අයිසින් සීනි 500g
  • මිල්ක්මේඩ් 75g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 3ක්

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ මිල්ක්මේඩ් භාජනයකට දමා හොඳින් බීට් කර ගන්න. ඉන්පසු සීනි එකතු කරන්න. බිත්තර එකින් එක එකතු කරමින් මිශ්‍රණය තවදුරටත් බීට් කරන්න.
පියවර 2
බටර් මිශ්‍රණයට අනෙකුත් වියළි අමුද්‍රව්‍ය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
හතරැස් තැටියක් ගෙන කේක් මිශ්‍රණය එහි අතුරන්න. පසුව 180'c උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කර ගන්න.
අයිසින් ක්‍රීම්:
පියවර 1
බෝල් එකකට බටර් දමා බීට් කර, අයිසින් සීනි, කොකෝවා පවුඩර් සහ මිල්ක්මේඩ් එකතු කරන්න. මෘදු ක්‍රීම් ගතියක් ලැබෙන තුරු බීට් කරන්න.
Step 2
බේක් කර ගත් කේක් එක මත අයිසින් ක්‍රීම් අතුරා, ලොග් හැඩයට සාදා ශීතකරණයේ දමා පැයක් තබන්න. සිසිල් වූ පසුව නත්තල පිළිබිඹු කෙරෙන සැරසිලි වලින් සරසා ගන්න.

නිර්දේශිත වට්ටෝරු