අපි ඒක හදමු
පියවර 1
බඳුනකට බිත්තර සහ වැනිලා එසන්ස් එකතු කරන්න. බඳුනකට බිත්තර සහ වැනිලා එසන්ස් එකතු කරන්න.
පියවර 2
සාස්පානකට, හකුරු සහ වතුර එකතු කර හකුරු දියවෙනතුරු කලවම් කරන්න. එයට මිල්ක්මේඩ් එකතු කර හකුරු මිශ්‍රණය සාදා ගන්න.
පියවර 3
බීට් කරගත් බිත්තරවලට හකුරු මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
එම වටලප්පන් මිශ්‍රණය වානේ භාජනයකට දමා එනසාල් පවුඩර් එක් කරන්න.
පියවර 5
එය ෆොයිල් පේපර් එකකින් ආවරණය කර විනාඩි 45 ක් ස්ටීම් කරන්න.
පියවර 6
කැමති ලෙස කජු වලින් සරසා ගන්න.
පෝෂණ කරුණු
ස්වාභාවික රසකාරකයක් වන හකුරු වැඩි වේලාවක් ශක්තිය ලබා දෙයි. ශරීරයට එක් වන කැලරි ප‍්‍රමාණය පාලනය කිරීමට අනුභව කරන ප‍්‍රමාණය ගැන කල්පනාකාරී වන්න.